Breaking News
Home » තාක්ෂණ » ශ‍්‍රී ලංකාවට කෘත‍්‍රිම වැසි තාක්ෂණය

ශ‍්‍රී ලංකාවට කෘත‍්‍රිම වැසි තාක්ෂණය

වැසි නොමැති කාලවලදී කෘෂි වගාවට අවශ්‍ය ජලය කෘති‍්‍රම වැසි හරහා ලබා ගැනීමට අදාළ තාක්ෂණය සම්බන්ධයෙන් සමාජ සුබසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ චීන රජය සමඟ සාකච්ඡා පවත්වයි.

මෙරට චීන තානාපති චෙන් ෂුවාන් සහ චීන දූත පිරිසක් සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම දූත පිරිස මහනුවර, නුවරඑලිය, කොත්මලේ හා අම්පාර ප‍්‍රදේශවලට ගොස් අධ්‍යයනයක් සිදු කළේය.

ඔවුන් සකස් කළ වාර්තාව ගමගේ ඇමතිවරයා විසින් පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහට භාර දුන්නේය.

මෙම තාක්ෂණය සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමට හැකි වුවහොත් නියඟයට මෙන්ම ගංවතුරට ද විසඳුමක් ලබා ගත හැකි බව ගමගේ ඇමතිවරයා පවසයි.

Check Also

නව නිර්මාණයක්

කොන්ක‍්‍රීට් විදුලි කණුවලට නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගලක් නිර්මාණය කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *