Home » ක්‍රිඩා » ශූරතාව ගාල්ලට

ශූරතාව ගාල්ලට

අන්තර් පළාත් එක් දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වෙයි.

ඊයේ කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ඔවුන් කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 75 ක ජයක් ලබා ගත්තේය.

මුලින්ම පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම කඩුළු හතක් දැවී ලකුණු 320 ක් රැස් කළේය.

එහිදී නායක උපුල් තරංග පන්දු 122 කදී ලකුණු 124ක් ලබා ගැනීම විශේෂත්වයකි.

පිළිතුරු ලෙසින් කොළඹ කණ්ඩායම පන්දුවාර 44.2කදී ලකුණු 245 කට දැවී ගියේය.

Check Also

ස්පාඤ්ඤයට ජය

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වෙයි. ඔවුන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *