Home » අධ්‍යාපන » විභාග නියමිත පරිදියි

විභාග නියමිත පරිදියි

මේ මාසයේ පැවැත්වීමට නියමිත සියළුම විභාග යොදාගත් පරිදි පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින තැපැල් වර්ජනය හේතුවෙන් ප‍්‍රවේශපත‍්‍ර නොලැබුණ ද සුදුසුකම් ලත් අපේක්ෂකයින්ට එම විභාග සඳහා පෙනී සිටීමට හැකි වේ.

ප‍්‍රවේශපත‍්‍ර නොලැබී ඇත්නම් ඒ සම්බන්ධයෙන් දුරකථන අංක 011 2785230/011 277075 සහ ෆැක්ස් අංක 011 2784232 ඔස්සේ දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාවෙන් විමසිය හැක.

විභාග දින හා විභාග මධ්‍යස්ථාන සඳහන් කෙටි පණිවුඩ අයදුම්පත්වල සඳහන් දුරකථනයට ලැබෙනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටී.

Check Also

සිසුවියන්ට ලිංගික හිංසනයක්

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන නේවාසික සිසුවියන්ට ලිංගික හිංසනයක් සිදු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *