Breaking News
Home » දේශපාලන » ‘විධිමත් පරීක්ෂණයක් ඔ්නෑ’

‘විධිමත් පරීක්ෂණයක් ඔ්නෑ’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලැබුණු ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඇමති සරත් ෆොන්සේකා පවසයි.

ඊයේ මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කීය.

හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාර සඳහා චීනය මුදල් ලබාදුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවා ඉතා පැහැදිළිව පෙන්වා දී ඇති බව හෙතෙම පවසා සිටියේය.

විදේශයන්හි සිටින ව්‍යාපාරිකයින් සහ මහා පරිමාණ ගණුදෙනුකරුවන් සමඟ ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ අයථා සබඳතා පවත්වන බව ද හෙතෙම කීය.

එම ව්‍යාපාරිකයින්ගෙන් රටට පාඩුවක් සිදු වුද ඔවුන්ට මෙරට ව්‍යාපාර කිරීමට අවස්ථාව ලබා දුන් බව ද
ඇමතිවරයා පැවසීය.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *