Breaking News
Home » තාක්ෂණ » විදුලි බස් රථ 18ක්

විදුලි බස් රථ 18ක්

කොළඹ නගරයේ මගීන් ප‍්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කරන බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම විදුලි බස් රථවල තිබිය යුතු ප‍්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට ප‍්‍රවාහන අමාත්‍යංශයට භාර දී ඇත.

ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිල දී ගන්නා බව ශ‍්‍රීලංගම සභාපති රමාල් සිරිවර්ධන කියා සිටී.

ශ‍්‍රී ලංගමයට විදුලි බස් රථ 50ක් මිල දී ගැනීම සඳහා ඇමති මණ්ඩලය රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා දී ඇත.

ඉතිරි බස් රථ තදාසන්න ප‍්‍රදේශවල ධාවනයෙහි යෙදවීමට සැලසුම් කොට තිබේ.

Check Also

භූගෝලීය සිතියම අලූතින්

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලූතින් සකස් කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගනී. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *