Home » තාක්ෂණ » විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානයක්

විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානයක්

දිවයින පුරා ඇති සියළුම විදුලි බලාගාර සහ විදුලි උපපොළ සතුව ඇති දත්ත පාලනය කළ හැකි ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ශ්‍රී ජයවර්ධනපුර හිදී විවෘත කළේය.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් බිලියන තුනක වියදමින් මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

මෙම නව පද්ධති පාලන මැදිරියට විදුලි බලාගාර 25 සහ විදුලි උපපොළ 63 සතු දත්ත එම මොහොතේම බලා ගැනීමේ හැකියාව පවතී.

කලින් පැවති පද්ධති පාලන මැදිරියෙන් එම පහසුකම පැවතියේ විදුලි බලාගාර 15ක් හා විදුලි උපපොළ 35ක පමණි.

Check Also

බිටුමින් දේශීයව නිෂ්පාදනයට

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවේදී බිටුමින් නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *