Breaking News
Home » ක්‍රිඩා » වැන්ඩර්සේ හරවා එවයි

වැන්ඩර්සේ හරවා එවයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වන ටෙස්ට් තරගාවලියට සහභාගි වී සිටි පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ විනය කඩ කිරීමක් හේතුවෙන් ආපසු ශ‍්‍රී ලංකාවට එවයි.

ශාන්ත ලූසියා හිදී පැවති දෙවැනි ටෙස්ට් තරගය නිමා වීමෙන් අනතුරුව රාත‍්‍රී කාලයේදී වැන්ඩර්සේ සහ තවත් කී‍්‍රඩකයින් තිදෙනෙකු ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටත්ව ගොස් ඇත.

සෙසු ක‍්‍රීඩකයන් තිදෙනා රාති‍්‍රයේම නැවත හෝටලයට පැමිණියද, වැන්ඩර්සේ නැවත හෝටලයට පැමිණ ඇත්තේ පසුදින උදෑසනය.

සෙසු ක‍්‍රීඩකයින්ගෙන් තමා මඟහැරුණු බවත්, නැවත හෝටලයට පැමිණීමට මාර්ගය සොයාගත නොහැකිව තමා අතරමං වූ බවත් ඔහු කියා ඇත.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *