Breaking News
Home » සෞඛය » වලක්වා ගැනීමට උපදෙස්

වලක්වා ගැනීමට උපදෙස්

පාසල් දරු දැරියන් ඉන්ෆ්ලූවෙන්සා රෝගයෙන් වලක්වා ගැනීම සඳහා සෞඛ්‍ය, අමාත්‍යංශයේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ගුරුවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කරයි.

පාසලේ දී ඉන්ෆ්ලූවෙන්සා රෝග ලක්ෂණ හඳුනා ගතහොත් ගතයුතු පියවර, දරුවන්ට වැඩි අවධානයකින් පෝෂ්‍යදායී ආහාර ලබා දෙන ලෙස මව්පියන්ට උපදෙස් දීම හා රෝගී දරුවන් සුව වන තුරු පාසල් සහ අමතර පන්ති යැවීමෙන් වලක්වා විවේකීව තැබීම ඒ අතර වේ.

ඉන්ෆ්ලූවෙන්සා රෝගය හා ප‍්‍රතිකාර පිළිබඳව පැය 24 පුරා ක‍්‍රියාත්මක අංක 0710107107 සුවසැරිය ක්ෂණික දුරකථන සේවාව ඇමතීමෙන් වැඩි විස්තර නොමිළේ ලබා ගත හැක.

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *