Breaking News
Home » ක්‍රිඩා » ලංකාවට ලකුණු 453ක ඉලක්කයක්

ලංකාවට ලකුණු 453ක ඉලක්කයක්

බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ටි්‍රනිඩෑඩ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 453 ක ඉලක්කයක් ලැබෙයි.

තරගයේ සිව් වැනි දිනය ඊයේ නිමා වන විට ඔවුන් කඩුළු තුනක් දැවී ලකුණු 176ක් ලබා සිටියේය.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94යි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 කට දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 15ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල සිය පළමු ඉනිම සඳහා කඩුළු අටකට ලකුණු 414ක් රැස් කළ අතර ඔවුන් කඩුළු හතකට ලකුණු 223ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 185ක් පමණි.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *