Home » ක්‍රිඩා » ලංකාවට පරාජය අත් වෙයි

ලංකාවට පරාජය අත් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක පරාජයක් ශී‍්‍ර ලංකාවට අත් වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල කඩුළු අටකට ලකුණු 414 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය

පළමු ඉනිම වෙනුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 185 ක් පමණි.

තම දෙවැනි ඉනිම වෙනුවෙන් කොදෙව්වන් කඩුළු හතක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූයේ, ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 453 ක ඉලක්කයක් ලබා දෙමිනි.

නමුත්, ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 226 ක් පමණි.

එහිදී කුසල් මෙන්ඩිස් සිය පස් වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් ලබා ගත්තේය.

Check Also

ස්පාඤ්ඤයට ජය

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වෙයි. ඔවුන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *