Breaking News
Home » තාක්ෂණ » ‘රොබෝ තාක්ෂණය දියුණු කළ යුතුයි’

‘රොබෝ තාක්ෂණය දියුණු කළ යුතුයි’

මෙරට පවතින ශ‍්‍රම හිගයට පිළියමක් ලෙසින් රොබෝ තාක්ෂණය දියුණු කළ යුතු බව ඇමති දයා ගමගේ පවසයි.

ඔහු ඒ බව පැවසූයේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ඉන්කෝ 2018 ප‍්‍රදර්ශනයේ සමාජ සුබසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාතංශ්‍යය දිනයේදී රොබෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ නරඹමිනි.

රොබෝවරුන් වැනි යන්ත‍්‍ර නිර්මාණය නොකළහොත්, ශ‍්‍රම හිගය හේතුවෙන් කෘෂිකර්ම හා තාක්ෂණික වැනි අංශවල වැඩ කටයුතු කරගෙන යෑමට නොහැකි වනු ඇති බව ඇමතිවරයා කීය.

මෙම අංශයෙන් ඉතා දියුණු මට්ටමක සිටින චීනයෙන් තමන් කෘති‍්‍රම වැසි තාක්ෂණය ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ද ඔහු පැවසීය.

Check Also

නව නිර්මාණයක්

කොන්ක‍්‍රීට් විදුලි කණුවලට නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගලක් නිර්මාණය කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *