Home » ක්‍රිඩා » රන් එකක් හා රිදී දෙකක්

රන් එකක් හා රිදී දෙකක්

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියේ ඊයේ පැවති ඉසව්වලදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් විය.

මීටර් 400 බාලක ධාවන ඉසව්වේදී අරුණ දර්ශන නව තරග වාර්තාවක් සමග පළමු ස්ථානය දිනා ගත්තේ එම ඉසව්ව තත්පර 45.79 කින් අවසන් කරමිනි.

තත්පර 46.96 කින් තරගය නිම කරමින් පසිඳු කොඩිකාර එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.

මීටර් 400 බාලිකා ධාවන ඉසව්වේදී ඩිල්ෂි කුමාරසිංහ රිදී පදක්කම දිනා ගත්තේ තත්පර 54.03 කින් තරගය නිම කරමිනි.

Check Also

ස්පාඤ්ඤයට ජය

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වෙයි. ඔවුන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *