Breaking News
Home » දේශපාලන » රන්ජන්ගෙන් පැමිණිල්ලක්

රන්ජන්ගෙන් පැමිණිල්ලක්

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී පසුගිය රජය රටට අවාසියක් වන පරිදි චයිනා හාබර් ඉංජිනේරු සමාගම සමඟ ගනුදෙනු කර ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කරන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ගවේෂණාත්මක වාර්තාවක් පදනම් කරගෙන තමා මෙම පැමිණිල්ල කරන බව ඔහු කියා සිටී.

එම පුවත්පතේ ජුනි 25 වැනිදා පළ වූ මෙම ලිපිය රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.

පසුගිය වසර 10දී චීනය සහාය දුන් වරාය ව්‍යාපෘති 35 ක් මගින් රටවල ආර්ථික හා ආරක්ෂක බලය සියතට ගැනීම ක‍්‍රමානුකූලව කර ඇතැයි එහි දැක්වේ.

එම චීන න්‍යාය පිළිබඳව ශ‍්‍රී ලංකාව උදාහරණයක් යැයි ද, චීන වරාය ඉදි කිරීමේ මුදල්වලින් විශාල ප‍්‍රමාණයක් 2015 ජනාධිපතිවරණ ප‍්‍රචාරණයට වැය කර ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *