Breaking News
Home » ව්‍යාපාරික » බදු උපදෙස් දෙන්න සේවාවක්

බදු උපදෙස් දෙන්න සේවාවක්

බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සේවාවක් ආරම්භ කරයි.

ඒ සඳහා රුපියල් 25,000ක මුදලක් අය කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක කියා සිටී.

තම පෞද්ගලික බදු ගැටළු සම්බන්ධයෙන් බදු ගෙවන්නන්ට උපදෙස් ලබා දීම සඳහා විශේෂඥ දැනුමක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරී මණ්ඩලයක් පත් කර ඇති බව ඔහු පවසයි.

පිටතින් එම සේවාව ලබා ගැනීමේදී විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව හෙතෙම කියා සිටී.

පොදු බදු නීති හා ගැටළු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව නොමිලයේ තොරතුරු සපයන බවද කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *