Breaking News
Home » දේශපාලන » පේෂල ජයරත්නට උසාවි නියෝගයක්

පේෂල ජයරත්නට උසාවි නියෝගයක්

අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ විදුහල්පති කරුණාරත්න බණ්ඩාරට බැන වැදී, තර්ජනය කර මාරු කර යැවීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

ඊට වන්දි ලෙස රුපියල් 250,000ක් විදුහල්පතිවරයාට ගෙවන්නැයි අධිකරණය අද උතුරුමැද පළාත් මහ ඇමති පේෂල ජයරත්නට නියෝග කළේය.

විද්‍යාලයේ පැවති උත්සවයකදී තමාට බුලත් අතක් දී නොපිළිගැනීම නිසා මහඇමතිවරයා ඔහුට විරුද්ධව එසේ කටයුතු කර ඇත.

රජයේ මුදලින් තවත් රුපියල් 50,000 ක් විදුහල්පතිවරයාට ගෙවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.

එසේම, විදුහල්පතිවරයා මාස දෙකක් ඇතුළත නිවන්තකචේතිය විදුහලේ විදුහල්පති තනතුරෙහි යළි පිහිටුවන ලෙසටද නියම විය.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *