Breaking News
Home » පුවත් » දීඝවාපි පොසොන් කලාපය දෙවැනි දිනටත්
????????????????????????????????????

දීඝවාපි පොසොන් කලාපය දෙවැනි දිනටත්

ජාතික පොසොන් උත්සවයට සමගාමීව දයා සරණ සංවර්ධන පදනම හා දීඝවාපි ප‍්‍රතිසංස්කරණ සභාව වාර්ෂිකව සංවිධානය කරන දීඝවාපි පොසොන් කලාපය මෙවර දෙවැනි දිනටත් ඊයේ දීඝවාපි පුදබිමේදී පැවැත්වින.

එහි ඉදි කර තිබෙන ‘රාජෝවාද ජාතකය’ කතාව රැගත් තොරණ ඇමති දයා ගමගේ සහ නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

ළමා සැණකෙළියක් හා බත් දන්සලක් ද දීඝවාපි පුදබිමේ පැවැත්වේ.

අම්පාර දිස්ත‍්‍රික්කයේ දරු දැරියන් අතර පැවැත්වු භක්ති ගීත තරඟවල ජයග‍්‍රාහකයින් හා සහභාගී වූ සියළු දෙනාට තෑගි හා සහතිකපත් බෙදා දෙනු ලැබීය.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *