Breaking News
Home » පුවත් » තෛයිපොංගල් අදයි

තෛයිපොංගල් අදයි

සූර්ය දෙවි වන්දනාවට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් ලෝකවාසි හින්දු බැතිමතුන් අද තෛයිපොංගල් උත්සවය සමරයි.

ඒ නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටින්නේ, කෘෂිකර්මාන්තය වටා ගොඩනැගුණු ගැමි ප‍්‍රජාවගේ මානව ගුණාංග තවදුරටත් තහවුරු කිරීමට මෙම උත්සවය වැදගත් වන බවයි.

හින්දු ජනයාගේ ජිවිත අර්ථවත් හා සෞභාග්‍යවත් වේවායි ප‍්‍රර්ථනා කරන බව ද ජනාධිපතිවරයා පවසයි.

තම සුබ පැතුම් එක් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා සිටින්නේ, මානව ජිවිතය සමෘද්ධිමත් කිරීමට ජීවය ලබා දෙන, සොබා දහමට කෘතවේදීත්වය පුදකරන අවස්ථාවක් ලෙසින් තෛයිපොංගල් උත්සවය සලකන බවයි.

Check Also

දුම්රියක එන්ජිමක ගින්නක්

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි දුම්රියක එන්ජිමක අද දහවල් චාවකච්චෙරි ප‍්‍රදේශයේදී හදිසියේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *