Home » විදෙස් » ට‍්‍රම්ප්ට 2020 අභියෝගය ඔප්රාගෙන්

ට‍්‍රම්ප්ට 2020 අභියෝගය ඔප්රාගෙන්

වසර 2020දී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී තරග කිරීමට සුප‍්‍රකට නිවේදිකාවක ඔප්රා වින්ෆි‍්‍ර ඉදිරිපත් වනු ඇති බවට වාර්තා වෙයි.

පසුගියදා පැවති ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළෙලේදී ඇය පැවැත්වූ කථාවෙන් ඒ පිළිබඳව ඇයගේ කැමැත්තක් තිබෙන බවට ඉගියක් පළ වූ බව කියැවේ.

ඇමෙරිකාවට නායකත්වය දීම සඳහා ඔප්රාට සුදුසුකම් තිබෙන බවට සුප‍්‍රකට සිනමාවේදීන් වන ස්ටීවන් ස්පීල්බර්ග්, ටොම් හෑන්ක්ස් සහ මෙරිල් ස්ටී‍්‍රප් වැන්නවුන් අදහස් පළ කර ඇත.

කෙසේ වෙතත්, ජනාධිපති ට‍්‍රම්ප් ප‍්‍රතිචාර ලෙසින් පවසා ඇත්තේ, තමන් ඔප්රාට කැමති නමුත්, ඇය ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවක් තමන් නොසිතන බවයි.

ඔප්රා යනු, තම ළමා වියේදී දුගීබව, ජාතිවාදය හා ලිංගික අතවරවලින් පීඩා විඳ ස්වෝත්සාහයෙන් නැගී සිටමින් ඇමෙරිකාවේ පළමු කළු ජාතික බිලියනපතිනිය බවට පත් වූ කාන්තාවකි.

Check Also

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට ඇමෙරිකාව තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. ජීනිවාහි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *