Breaking News
Home » ක්‍රිඩා » ජය ලංකාවටයි

ජය ලංකාවටයි

බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවති තුන් වැනි හා අවසාන ටෙස්ට් තරගය කඩුළු හතරකින් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව ඊයේ සමත් විය.

ඒ අනුව, තරගාවලිය 1-1 ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් වූයේය.

තරඟයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දී පළමු ඉනිම සඳහා ලකුණු 204ක් රැස් කළේය.

ශී‍්‍ර ලංකාව තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 154කි.

කොදෙව් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 93කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු 144ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා පිල කඩුළු හයක් දැවී තරඟයේ ජය වාර්තා කළේය.

පන්දු රකිද්දී ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරා පන්දුවට පහර දීමට පැමිණ නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තේය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *