Home » පුවත් » ජනපති නියෝගයක්

ජනපති නියෝගයක්

සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගණයේ අලින් දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන්නැයි ජනාධිපතිවරයා විසින් පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දෙයි.

යම් හෙයකින් මෙම අලින් දෙදෙනා වෙනත් වාසස්ථානයකට යොමු කරන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥයින් සිදු කරන පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් එය සිදු කළ යුතු වේ.

අද පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, අලින් රැක ගැනීම සඳහා ඔවුන්ට අයත් භූමියේම ඔවුන් සංරක්ෂණය කරන ලෙසටයි.

Check Also

දස සිල් මාතා ආයතන ලියාපදිංචියට

දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සළසා දීම පිණිස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *