Breaking News
Home » ක්‍රිඩා » ගුවන් හමුදාවෙන් දස්කම්

ගුවන් හමුදාවෙන් දස්කම්

ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කළ ජාතික බර ඉසිලීමේ තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි සහ කාන්තා සමස්ත ශූරතා දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වෙයි.

ක‍්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ත ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී නව ශ‍්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමටද ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

කාන්තා අංශයේ කිලෝ ග‍්‍රෑම් 58 බර පංතියෙන් තරග වැදුණ ආර්.එම්.එන්. රාජපක්ෂ සහ පිරිමි අංශයේ කිලෝ ග‍්‍රෑම් 105 ට වැඩි බර පංතියෙන් තරග වැදුණ ඩබ්ලිව්.පී. චාරුක එම වාර්තා දෙකට හිමිකම් කීහ.

ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ පී.කේ.අයි. පළගසිංහ සම්මාන දිනාගත් අතර දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ බී.ඞී.එච්. ගෝමස් සම්මාන දිනාගත්තාය.

 

Check Also

චන්දිමාල් චෝදනා ඉවත ලයි

පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් එල්ලව ඇති චෝදනා සියල්ල ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප‍්‍රතික්ෂේප …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *