Breaking News
Home » විදෙස් » ගිනිකන්දක් පුපුරා යයි

ගිනිකන්දක් පුපුරා යයි

ගුවාතමාලාහි ෆියුගෝ ගිනිකන්ද පුපුරා යෑමෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මරුමුවට පත්ව තවත් සිය ගණනක් අතුරුදහන්ව හා තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

එරට අගනුවර වන ගුවාතමාලා නගරයේ සිට කිලෝමීටර 40ක් පමණ ඔබ්බට වන්නට මෙම ගිනිකන්ද පිහිටා ඇත.

ඉන් පිට වන ගල්, අළු සහ වායුන් නිසා ගම්මාන දැඩි පීඩාවට පත්ව තිබේ.

එරට ප‍්‍රධාන ගුවන් තොටුපල වසා දමා ඇති අතර, මිය ගියවුන් වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *