Breaking News
Home » සෞඛය » කොරියාවේ හෙද පුහුණුව

කොරියාවේ හෙද පුහුණුව

මෙරට හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ විශ්ව විද්‍යාලයේ පුහුණුව ලබාදීම ඇතුළු කරුණු කිහිපයකට අදාළව මෙතෙක් පැවැති ගිවිසුම නව ගිවිසුමක් ලෙස ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ඊයේ ගිවිසුම් අත්සන් කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඉන්ජේ විශ්ව විද්‍යාලය අතර 2013 දී අත්සන් කළ ගිවිසුම 2017 දී අවසන් විය.

නව ගිවිසුම අනුව හෙද අධ්‍යාපනය, හදිසි ප‍්‍රතිකාර සේවා, හෙද සේවාව, හෙද පශ්චාත් උපාධි පාඨමාලව ක‍්‍රියාත්මක කිරීම වැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කළ හෙද පීඨයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දීමට ද ඉන්ජේ විශ්ව විද්‍යාලය එකඟත්වය පළ කර ඇත.

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *