Breaking News
Home » දේශපාලන » ‘කොමිසමක් පත් කරන්න’

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ මැතිවරණ කටයුතුවලට වියදම් කර ඇති බවට වන චෝදනාව පිළිබඳව සොයා බැලීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි දූෂණ විරෝධී හඬ ඉල්ලා සිටී.

එම සංවිධානයේ උපදේශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ පවසන්නේ, නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වී ඇති ආන්දෝලනාත්මක හෙළිදරව්ව මත එය සිදු කළ යුතු බවයි.

එමෙන්ම, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි විපක්ෂ නායකයාගෙන්, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාගෙන් හා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව හෙතෙම කියා සිටී.

ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

Check Also

‘විධිමත් පරීක්ෂණයක් ඔ්නෑ’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලැබුණු ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *