Breaking News
Home » ක්‍රිඩා » කොදෙව්වන් 132/5

කොදෙව්වන් 132/5

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන් වැනි හා අවසාන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වන විට බටහිර කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු පහක් දැවී ලකුණු 132ක් ලබාගෙන සිටියේය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් දිනය පන්දු වාර 46කට සීමා විය.

කොදෙව් පිලේ මුල් කඩුළු පහ ලකුණු 53කට දැවී ගියද, ෂේන් ඩොව්රිච් සහ ජේසන් හෝල්ඩර් හය වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩ නැගීය.

ෂේන් ඩොව්රිච් නොදැවී ලකුණු 60ක් ලබා සිටී.

පන්දු යැවීමේදී නායක සුරංග ලක්මාල් හා කසුන් රාජිත කඩුළු දෙක බැගින් දවා ගත්හ.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *