Breaking News
Home » ක්‍රිඩා » කී‍්‍රඩිකාවට ලක්ෂ 15ක්

කී‍්‍රඩිකාවට ලක්ෂ 15ක්

පසුගියදා පැවති ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගත් පාරමි වසන්ති මාරිස්ටෙලා කී‍්‍රඩිකාවගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරයි.

ඊයේ ජනාධිපති කාර්යාලයේදී එම කී‍්‍රඩිකාව ජනාධිපතිවරයා හමු විය.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වැනි ශේණියේ ඉගෙනුම ලබන ඇය ආර්ථික අපහසුතා රැුසක් මැද සිය කටයුතු කරගෙන යන්නීය.

ජපානයේ පැවති ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ තරගයෙන් රන් පදක්කමක් දිනා ගත් ඇය, 2016 දී රුසියාවේ පැවති ආසියානු ළමා කී‍්‍රඩා තරගාවලියේ මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් රිදී පදක්කමක් දිනා ගත්තාය.

පසුගිය වසරේ ඩුබායිහිදී පැවති 18 න් පහළ රගර් තරගාවලිය ද ඇය නියෝජනය කළාය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *