Breaking News
Home » පුවත් » කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි වදී

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි වදී

ඊයේ රාති‍්‍ර 11.00ට පමණ කතරගම පූජා භුමියේ සිදු වූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමි නමක තුවාල ලබා ඇත.

මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවට හෙළිව ඇතැයි පොලීසිය පවසයි.

ධම්මින්ද හිමියන්ගේ උදරය ප‍්‍රදේශයට වෙඩි වැදී ඇති අතර උන්වහන්සේ හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප‍්‍රතිකාර ලබති.

ප‍්‍රහාරකයින් පැමිණි හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථය සොයාගත් බව පොලීසිය පවසයි.

කතරගම මහසෙන් දේවාලය සම්බන්ධයෙන් වන ආරවුලක් මත මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවට වාර්තා පළව ඇත.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *