Home » කලා » කවියාගේ යුග මෙහෙවර

කවියාගේ යුග මෙහෙවර

යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා කවිය තුළින් කවියා ඉටු කරන යුග මෙහෙවර තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යෑමට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.

ඊයේ කඩවත ශ‍්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී පැවති සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86 වන සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා ඒ බව කීය.

අභිමානවත් ඉතිහාසය, සංස්කෘතික වටිනාකම් සහ අපේකම පිළිබඳව ලොවට හඬගා කියන්නට කවිය ප‍්‍රබල ශක්තියක් වූ බව ඔහු පැවසීය.

කවියේ ප‍්‍රගමනය වෙනුවෙන් කැප වන පිරිසට තමන් කෘතවේදය පළ කරන බවත් කවියන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා කීය.

Check Also

එල්ටන් ජෝන් ගැන චිත‍්‍රපටයක්

ප‍්‍රවීන බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ චිත‍්‍රපටයක් ලබන වසරේ මැයි මාසයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *