Breaking News
Home » ව්‍යාපාරික » එළවළු මිල ගණන් දුරකථනයට

එළවළු මිල ගණන් දුරකථනයට

ගොවීන් සහ වෙළෙඳුන් වෙත එදිනෙදා පවතින එළවළු මිල ගණන් කෙටි පණිවුඩ ඔස්සේ ලබා දීම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ආරම්භ කරයි.

මොබිටෙල් ජංගම දුරකතන ජාලයකින් අංක 6666 ඇමතීමෙන් දවසේ පැය 24 පුරා එළවළු තොග මිල ගණන් ලබාගත හැක.

පිටකොටුව තොග වෙළෙඳපොළ සහ දඹුල්ල, කටුගස්තොට, තඹුත්තේගම, නොරොච්චෝලේ, නුවරඑළිය, කැප්පෙටිපොළ සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු වර්ග 23ක තොග මිල එසේ ලබා දෙනු ඇත.

මෙම සේවාව අනෙකුත් දුරකතන සේවා හරහා ද ලබා දේ.

Check Also

ආනයනික රත්රන් මත බද්දක්

ආනයනික රත්රන් මත සියයට 15 ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කරයි. ඊයේ මධ්‍යම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *