Breaking News
Home » අධ්‍යාපන » උතුරුමැද පාසල් වැසෙයි

උතුරුමැද පාසල් වැසෙයි

පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරින්ට නවාතැන් පහසුකම් ලබා දීම සඳහා ජුනි 25 වැනිදා සිට ජුනි 29 වැනිදා පාසල් හයක් වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

එම පාසල් වන්නේ, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ පාසල ය.

එමෙන්ම, තවත් පාසල් හතක් ජුනි 28 සහ ජුනි 29 යන දින දෙකේදී වසා තැබේ.

එම පාසල් වන්නේ, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල, විවේකානන්ද මහා විදුහල, නිවන්තක චේතිය මහ විදුහල, කම්මලක්කුලම විදුහල, කුරුන්දන්කුලම මහා විදුහල, මිහින්තලේ මුස්ලිම් විද්‍යාලය සහ මිහින්තලේ ආදර්ශ ප‍්‍රාථමික පාසල යි.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *