Breaking News
Home » විදෙස් » ඉරාන සමාගම් පහකට සම්බාධක

ඉරාන සමාගම් පහකට සම්බාධක

ඉරානයේ ප‍්‍රාක්ෂේප මිසයිල වැඩසටහනට දායක වන බව කියන එරට සමාගම් පහකට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පනවයි.

ඇමෙරිකාවේ පිහිටි එම සමාගම්වලට අයත් දේපළ අත්හිටුවා ඇති අතර, එම සමාගම් සමග ගනුදෙනු කිරීම ඇමෙරිකානුවන්ට තහනම් වේ.

එම සමාගම් පහම ෂහිඩ් බකේරි නමැති කර්මාන්ත සමූහයට අයත් ඒවා බව වාර්තා වේ.

තම වැසියන්ගේ සුබසිද්ධිය වෙනුවට ප‍්‍රාක්ෂේප මිසයිල වැඩසටහනට ඉරානය ප‍්‍රමුඛත්වය ලබා දෙන බවට ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් ම්නුචින් චෝදනා කර සිටී.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *