Breaking News
Home » විදෙස් » අරාබියටත් වැට්

අරාබියටත් වැට්

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් පළමු වරට අගය මත එකතු කළ බද්ද (වැට්) හඳුන්වා දෙයි.

ඒ අනුව, පෙට‍්‍රල් සහ ඞීසල්, ආහාර, ඇඟලූම්, විදුලි සහ ජල බිල්පත්, හෝටල් කාමර ඇතුළු බහුතරයක් වන භාණ්ඩ සහ සේවා සඳහා සියයට පහක බදු අය කර ගැනීමට නියමිත වේ.

බදු රහිත දිවි පෙවතක් ලබා දීම තුළින් ගල්ෆ් කලාපීය රටවල් දීර්ඝ කාලයක සිට විදෙස් සේවකයින් ආකර්ෂණය කර ගත්තේය.

ඛනිජ තෙල් මිල පහළ යෑම හමුවේ සිය ආදායම් ඉහළ නංවා ගැනීමට අවශ්‍ය නිසා ඊයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි එම රටවල් දෙක වැට් බදු ක‍්‍රියාත්මක කර ඇත.

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සෙසු සාමාජික රටවල් වන බහරේන්, කුවේට්, ඕමානය සහ කටාර් රාජ්‍යය ද වැට් බදු හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *